Wednesday, July 25, 2012

අම්මා


ඔබේ සෙවනෙ මොනවද නොතිබුනේ
             
බොහෝ විට නිවස නැමති කුඩා රාමුව තුලින් කෙනෙකු ඉගෙන ගන්නේ අල්පයක් තරම් දෙයකි.එහෙත් සමාජය තරම් පුළුල් නොව්නාට ගත හැකි දේ බොහෝය.මම සමාජටය සෘජුවම විවර වෙන්න ප්‍රථම ජිවිතය යනු මතු පිටින් පෙනෙන සරල ක්‍රිඩාවක් නොවන බව මගේ මැණියන්ගෙන් ඉගෙන ගතිමි.මුවින් නොපැසු දේට වඩා ඔබ ජිවිතයේ බර කරට ගෙන  දෙපයින් නැඟි සිට ක්‍රියාවෙන් ඒ බව පෙන්වන ලදි. කටුක ජිවිතය තුල ඔබ ඔට්ටු වන දෙස බලා මා නෙතු තෙමුණු අවස්ථා අද මම සිහි කරන්නේ හඳ පිරි සැනසිමකින්ය.ඒ මන්ද යත් ඒදා දුටු ඒ සංවේදි   අත්දැකිම් නොදකින්න අද මම කොතනද?මගේ අම්මේ එදා මට ඔබ වෙනුවෙන් කදුළු සලනවාට වඩා යමක් කරන්න මා නොදැන සිටියාය.දැනුම් තේරුමක් නොතිබුණාද ඒ කටුක බව පරයමින් ඉස්මතු වු ඔබ තුල තිබු ආත්ම ශක්තිය,ගැහැණියක් විධියට ඔබ තුල තිබු ධ්‍යෛර්ය මගේ ලොවේ එකම වීරවරිය ඔබම විය.එදා මා ඔබෙන් ලැබු පන්නරයේ මහිමය නිසා නොවේද දෛවයටත් එරෙහි වි මේ යන්නේ.දෛවය අපිට කෙතරම් සරදම් කලාද?ජිවිතයේ සැනසිම තියෙන්නේ සැප පහසු මත නොවන බව ඔබත් මාත් අත්වින්දෙමි.ඔබේ කදුළු අපිට ‍සඟවා වසන් කර බව මම දනිමි. අපහස, උපහාස තාඩන පිඩන මැද්දේ ඔබ තුල තිබු නොසැලේ අධිෂ්ඨානයේ බලය අපිව දිරිමත් කළා. අනාන්තවත් තැන් වලදි ඔබව අසරණ කරපු අවස්ථා වලදි අපි වෙනුවෙන්ම ඉවසා දරා සිටියා.මෙය නොවේද මගේ අම්මේ මව් කෙනෙකුගේ ගුණ.
       මා ලැබු නිදහස තුල මට විවර වු පැති කඩයන් බොහෝය. එහෙත් ඒ කිසිදු ඉසව්වකට යාමට තරම් මව කළඹන සිතුවිලි මා තුල හට නොගත්තේ මා දුටු ශක්තිය,බලවේගය ඔබම නිසාවෙනි.
ප්‍රශ්න යනු                                                                         
       ජිවිතය හදා ගන්න, ජිවිතය තේරුම් ගන්න,ජිවිතය දකින්න, ජිවිතය විදින්න පිටුවහලකි. ඔබත් එහෙම හිතන්න.එවිට ජිවිතය දෙස ආපසු හැරිලා බලද්දි ප්‍රශ්ණ වලට මුහුණ දුන් ආකාරය සිහි කරද්දී හිතට  ප්‍රිතියක් ගෙන දෙනු නොව්නුමානයි.ආතීතය යනු වර්ථමානය ජිවත් කරවන පොෂණ ශත්තියකි.අදටත් මගේ ලොවේ වීරවරිය ඔබයි අම්මේ.! 
-GM-